පොලිස් කැබ් රථයකින් ත්‍රිරෝද රථයක් අනතුරට පත්කර පළායමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (27) ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ වරකාපොළ, තෝලංගමුව ප්‍රදේශයේදීය.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු බීමතින් සිට ඇති බවද අනාවරණය වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකි.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරී කටයුත්තක් සඳහා කෑගල්ල පොලිසියේ සිට අඹේපුස්සට දක්වා කෑගල්ල පොලිසියට අයත් කැබ් රථයකින් පැමිණෙමින් සිටියදී කොළඹ නුවර ප්‍රධාන මාගර්යේ ගලිගමුව කොබ්බෑවල ප්‍රදේශයේදී මෙම කැබ් රථය මාගර්යේ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කර ඉදිරියෙන් ආ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
අනතුර සිදුවීමෙන් පසුව පොලිස් කැබ් රථය නොනවත්වා එම ස්ථානයේ සිට වරකාපොල දෙසට ධාවනය වෙමින් තිබියදී අනතුරට භාජනය වූ පුද්ගලයා සහ එම ස්ථානයේ සිටි තවත් කිහිප දෙනෙකු කැබ් රථය පසුපස ලුහුබැඳ වරකාපොළ පොලිස් වසමට අයත් කෝලංගමුව ප්‍රදේශයේදී කැබ් රථය නවතා වරකාපොළ පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි වරකාපොල පොලිස් නිලධාරීන් සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා සහ කැබ් රථය අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා වරකාපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වරකාපොළ මූලික රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිටින බවට තහවුරු වී ඇති බවත්, සිවිල් පුරවැසියෙකුට නීතිය ක්‍රියාත්මක වන ආකාරයටම ඔහුට විරුද්දව කටයුතු කරන බවත්, පොලිසිය පවසනවා.
රියදුරුගේ බීමක්කම සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය පරීක්ෂණ සිදුකරන අතර, රිය අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.
