Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙළඳපොළේ පවතින පැන්සල්වල සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය රැසක්! ඔබේ දරුවාගේ හෘදය වස්තුව හා වකුගඩුත් අවධානමේ!

2 years ago

අද වන විට පාසල් දරුවන් භාවිතා කරන පැන්සල් විවිධ වර්ණවලින් වෙළඳපොළේ පවතිනවා.

එම පැන්සල්වල පවතින වර්ණ ගැන්වීම් සහ ආකර්ෂණීය බව නිසාම එම පැන්සල් මිලට ගැනීමටත් දරුවන් දැඩි කැමැත්තක් දක්වනවා.

පැන්සල්වල මෙම ආකර්ශනීය බව ලබාගැනීමට ඒවාට රසදිය, ආසනික්, කැඩ්මියම් වැනි රසායනික ද්‍රව්‍ය සහ බැර ලෝහ විශාල ප්‍රමාණයක් ආලේප කිරීම සිදුවෙයි.

එම නිසා පැන්සල් සැපීමේදී  දරුවන්ගේ සිරුරට ඇතුළුවන මෙම රසායනික ද්‍රව්‍ය දරුවන්ගේ සිරුරට කරන බලපෑම සුළු පටු නැත.

මේ පිළිබඳව අදහස් දැක්වූ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා පළ කළේ මෙවන් අදහසක්.

“පැන්සල් කටේ ගහනකොට ඒවායේ තියෙන බැර ලෝහ වර්ග දරුවාගේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. කට හරහා ආමාෂගත වෙලා ලේ වලට ගිහිල්ලා ලේ විෂ වෙන්න පුළුවන්. ඒවා ශරීරගත වුණොත් දරුවන්ගේ ආහාර මාර්ගයේ ආසාදන ඇතිවෙන්න පුළුවන්. ඒවා විවිධාකාරයෙන් මතු වෙලා වමනය, බඩේ අමාරුව, බඩේ වේදනාව, හිසේ කැක්කුම වගේ අසනීපතාවයන් මතු වෙන්න පුළුවන්.

කාලයක් තිස්සේ මේ වගේ දේවල් පාවිච්චි කළොත් දීර්ඝ කාලීන ප්‍රතිඵල ඇවිල්ල වකුගඩු අසනීප, හෘදය වස්තුවේ අසනීප වුවත් ඇතිවෙන්න පුළුවන්.”

ප්‍රශ්නය: දරුවන්ට පැන්සල් ලබාදීමේදී මවුපියන් කටයුතු කළ යුත්තේ කෙසේද ?

පැන්සල් වටා දවටලා තියෙන පාට වර්ග හොඳ ගුණාත්මකතාවයෙන් යුක්ත වුවොත් තමා ආරක්ෂිත වෙන්නේ. පැන්සල් සඳහා තත්ත්ව සහතිකයක් තියෙනවා. දරුවන්ට පැන්සලක් මිලදී ගැනීමේදී ඒකේ EN71-3 කියලා සටහන් කරලා තියෙයිද කියලා බලන්න. ඒක තියෙනවා නම් විතරක් එම පැන්සල ඔබේ දරුවාගේ සෞඛ්‍යයට හිතකරයි කියලා විශ්වාස කරන්න පුළුවන්.

පැන්සල්වල මෙම ආකර්ශනීය බව ලබාගැනීමට ඒවාට රසදිය, ආසනික්, කැඩ්මියම් වැනි රසායනික ද්‍රව්‍ය සහ බැර ලෝහ විශාල ප්‍රමාණයක් ආලේප කිරීම සිදුවෙයි.

එමනිසා පැන්සල් සැපීමේදී  දරුවන්ගේ සිරුරට ඇතුළුවන මෙම රසායනික ද්‍රව්‍ය දරුවන්ගේ සිරුරට කරන බලපෑම සුළු පටු නැත.