Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

2 years ago

77 වැනි නිදහස් දින සමරුම් පෙරහුරු හේතුවෙන් කොළඹ නිදහස් චත්‍රරශ්‍රය ආශ්‍රිතව අද(29) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

පොලීසිය සඳහන් කළේ, අද(29) සිට ලබන 02 වැනිදා දක්වා සහ නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන ලබන 04 වැනිදා උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු ඉහත සඳහන් කරන ලද දිනයන්හි පාසැල් පැමිණෙන ළමුන්ට බාධාවක් සිදුනොවන අයුරින් පෙරවරු 08.00 සිට පහත සඳහන් පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දී තිබෙනවා.

මාර්ග වසා තැබීම / රථවාහන ගමනාගමනය සීමා කිරීම්

A. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල් වීම.

B. ආර්.එෆ්.පී. හන්දියෙන් රාජ්‍ය පරිපාලන දෙසට ඇතුල් වීම.

C. විජේරාම විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවත දෙසට ඇතුල් වීම.

D.ආර්.ජී. සේනානායක මාවත, මෙට්ලන්ඩ් චන්ද්‍රවංක හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල් වීම.

E. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුල් වීම.

F. ස්ටැන්ලි විජේසුන්දර මාවත, පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුල් වීම.

G. නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල් වීම.