මුල්ලේරියාව පොලිස් කොට්ඨාශයේ උඩුමුල්ල ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටළීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 2 ක් සමඟ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් රට පුරා ක්‍රියාත්මක කරනු ලබන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වල කොටසක් ලෙස ඊයේ (28) අලුයම මෙම මෙහෙයුම සිදුකර ඇත.
නිවසක සිදුකළ වැටළීමකදී නිලධාරීන් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 218 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සොයාගත් බවට සැකකෙරෙන රුපියල් 667,000 ක මුදලක්, ජංගම දුරකථන තුනක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිතා කරන ලද මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශයන්හි පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මඟපෙන්වීම යටතේ සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බව විමර්ශන වලින් හෙළි වී තිබෙනවා.
