Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රවී කරුණානායකට සහ ඇලෝසියස්ට එරෙහි නඩුවට අද ලැබුණු නියෝගය

2 years ago

අල්ලස් කොමිසම විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් මැයි මස 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (29) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය අභියෝගයට ලක් කරමින් තම සේවාදායකයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව පැවසීය.

ඒ අනුව, මෙම නඩුව කැඳවීම සඳහා දීර්ඝ දිනයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරුවරයා මෙම නඩුව යළිත් මැයි මස 28 වනදා කැඳවීමට නියෝග කළේය.