Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනියම් පෙම මරණයකින් කෙළවර වෙයි

2 years ago

අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුවතක් මාදම්පේ, පැරණි නගරය ප්‍රදේශයෙන් වාර්ත වේ.

නිවසක පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකර ඇති බවට මාදම්පේ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබුණි. 

ඒ අනුව, පොලීසිය එම ස්ථානයට ගොස් තුවාලකරුවන් වහාම ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මියගොස් ඇත. 

එලෙස මියගොස් ඇත්තේ,  පැරණි නගරය, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාලකාරියගේ ස්වාමිපුරුෂයා විසින් එම ඝාතනය සිදුකර ඇති බවත්, අනියම් සම්බන්ධතාවයක් එම ඝාතනයට හේතු වී ඇති බවත්, සිදුකරන ලද විමර්ශනයේදී, අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සිදුකළ සැකකරු ඊයේ රාත්‍රී කාලයේ මාදම්පේ පොලිස් වසමේ පට්ටියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45 ක් වූ පට්ටියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.