රත්නපුර ඇළපාත ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ උපාධිධාරී තරුණියක් සිය නිවෙස තුළදී ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි හංසනී ගුණරත්න නම් 29 හැවිරිදි වියේ පසුවූ තරුණියක්.
ඝාතනයට ලක් වූ තරුණිය අළුයම 6ට පමණ සිය නිවසේ මුළුතැන්ගෙයි සිටියදී, හොර රහසේ ගෙට ඇතුළු වූ පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ඇගේ ගෙල කපා ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම අවස්ථාවේදී අදාළ ඝාතකයාද එම ස්ථානයේදීම වස බෝතලයක් පානය කර, එම බෝතලය ද මේසයක් මත තබා නිවසෙන් පළා ගොස් තිබේ.
කෙසේ නමුත් ඔහු පළායන අතරතුර ගමේ කුඹුරකට වැටී සිට ඇති අතර, ඒ හේතුවෙන් ගම්වාසින් ඔහුව රත්නපුර මහ රෝහලට රැගෙන ගොස් ඇත.
ඝාතනය සිදුවන අවස්ථාවේදී නිවසේ විදුලිය විසන්ධි වී තිබී ඇත.
එමෙන්ම තරුණියගේ මව නිවසේ වෙනත් කටයුත්තක යෙදී සිට ඇති අතර, පියා නිවසින් එළියට ගොස් සිට ඇත.
මෙම ඝාතකයා රාත්‍රී කාලයේ සිටිම මෙම නිවස ආසන්නයේ රැඳී සිටින්ට ඇති බවට පොලීසිය සැකපළ කරයි.
මෙසේ මිය ගොස් ඇත්තේ දෙල්ලබඩ පදිංචිව සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ 29 හැවිරිදි තරුණියක්ය.
එමෙන්ම මෙම ඝාතනය සිදුකළ බවට සැකරනන, මේ වනවිට රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයාද එම විශ්වවිද්‍යාලයේම ඉගෙනමු ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙක්ය.
ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
මියගිය තරුණිය හා මෙම ඝාතනය සිදුකළ බවට සැකකරන පුද්ගලයා අතර ප්‍රේම සබඳතාවක් තිබූ බවට පොලීසිය සැකපළ කරයි.
ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී පසුව එය නතරවීමෙන් කෝපයට පත්ව මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි සැකපළකරන්නේ.
ඇළපාත පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
