Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අහිතකර වායු මට්ටම ක්‍රමයෙන් පහතට

2 years ago

දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ පවතින අහිතකර මට්ටම අද (30) සිට ක්‍රමයෙන් අඩුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානය සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලයේ මේ දින වල මීදුමක් වැනි අසාමාන්‍ය තත්ත්වයක් නිරීක්ෂණය වන්නේ වායු ගුණත්වයේ පවතින පහළ යාමක හේතුවෙන් බවයි.

ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් බොහොමයක වායු ගුණත්වයේ පහළ යාමක් මෙම දිනවල පෙන්නුම් කරන බව වාර්තා වේ.

ඒ අනුව සමස්තයක් ලෙස ඊයේ (29) මෙරට වායු ගුණ තත්ත්ව දර්ශකය 86ත් – 116ත් අතර අගයක තිබී ඇත.