Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිදහස් දින සැමරු සැමරුමේ දැනෙන වෙනසක්! වියදමේ සිදුවූ වෙනස මෙන්න!

2 years ago

“ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව යටතේ 77 වැනි නිදහස් දින සමරු උළෙල ලබන පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී නිදහස් දින සැමරුම සඳහා යොදා ගන්නා යුද හමුදා නිලධාරීන් ප්‍රමාණය 40%කින් අඩු කර ඇති බවය.

නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873කට සීමා වී ඇති අතර, ගිය වසරට සාපේක්ෂව හමුදා සමාජිකයින් 1,511දෙනෙකෙුගේ අඩුවීමක් බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිත බවත් පැවසු ආරක්ෂා ලේකම්වරයා ගිය වර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බව සඳහන් කළේය.

“ජාතික පුනරුදයට පෙළගැසෙමු”යන තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා පැවසීය.

මේ අතර මෙවර පැවැත්වෙන 77 වැනි නිදහස් දින සමරු උත්සවය සඳහා රුපියල් මිලියන 87 ක මුදලක් වැයවන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගණන් බලා ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් වසරේ (2024) පැවැති නිදහස් දින සමරු උත්සවය සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වැයවන බවට ගණන් බලා තිබිණි.

මෙවර නිදහස් උත්සවය සදහා ආරාධිත අමුත්තන්ද සීමාකර තිබේ.