Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආණ්ඩුව පත් කළ තෙවන සභාපතිත් ඉල්ලා අස්වෙයි! එන්.බී.එම්. රණතුංග සිය පිටුවට සමුදෙයි!

2 years ago

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම්. රණතුංග ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබාදුන් බව ඔහුගේ කාර්යාලය තහවුරු කරයි.

ඔහු එම ධුරය සඳහා පත් වූයේ ඔක්තෝබර් මස 10 වනදා ය.

ඒ අනුව ඔහු එම ධුරයේ මාස 3ක කාලයක් පමණක් සේවය කර තිබූ අතර ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු දීර්ඝ ලිපියක් ද ලියා තිබේ. 

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ඉකුත් 29 වනදා වාර්තා විය.

මීට අමතරව ජාතික රූපවාහිනියේ සභාපති ලෙස පත්වූ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ද පසුගියදා ඉල්ලා අස්වී තිබුණි.