2025 වර්ෂයේ ලොව විවාහක රූ රැජිණ කිරුළෙහි අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී නිරූපණ ශිල්පිනී ඉෂාදි අමන්දා සමත් වුණා.
ඇය මෙම ජයග්‍රහණය ලබා ගත්තේ අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවති අවසන් මහා තරගයේ දීයි.
40 හැවිරිදි වියෙහි පසුවන ඉෂාදි අමන්දා එක් දරු මවක්.
එමෙන්ම මෙවර ලෝක විවාහක රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ Tshego Gaelae කිරුළු පැළඳීය.
එමෙන්ම තායිලන්තයේ Ploy Panperm දෙවන අනුශූරිය ලෙසින් තේරීපත්ව තිබේ.
ඉෂාදි අමන්දා පසුගිය මාසයේ කොළඹ දී පැවති විවාහක රූ රැජින තරගයේදී මෙරට විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැළදුවාය.
ඒ හේතුවෙන් ඇයට ලෝක විවාහක රූ රැජිත තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැඳීම සඳහා අවස්ථාව උදාවිය.
