Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 20කට පෙර කළ වරදකට 11 දෙනෙකුට මරණ දඬුවම නියම වෙයි

2 years ago

ඌව පළාත් බදුල්ල මහාධිකරණයේ දී විභාග වූ ඌව පරණගම ගලහගම මිනීමැරුම් නඩුවේ විත්තිකරුවන් 11 දෙනෙකුට මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය.

2004 මැයි 29 වන දින ගලහගමදී, වාද්දුව ‍ප්‍රදේශයේ පදිංචිව සිටි එවකට 23 වියේ පසුවූ අවිවාහක තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා 11ක් යටතේ විත්තිකරුවන් 13 දෙනෙකුට විරුද්ධව මෙම නඩුව පවරා තිබිණි.

මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ නඩුවේ පළමුවැනි විත්තිකරුව නිදොස් කොට නිදහස් කිරීමටයි.

7 වැනි විත්තිකරු නඩු විභාගය අතරතුර මියගොස් ඇති බවද 12 වැනි විත්තිකරු විදේශගතවී සිටින බවද නඩු විභාගය අතරතුරදී අනාවරණය වී තිබේ.

මරණකරුගේ හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බව අධිකරණ විශේෂඥ වෛද්‍ය ප්‍රියලාල් විජේරත්න මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.

විනිසුරුවරයාගේ නියෝගය අනුව ක්‍රියත්මක වූ පොලිසිය විසින් වහාම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ.

වසර 20 කට අධික කාලයක් විභාග වූ මෙම නඩුවේ ගොණු පිටු 75කින් සමන්විත වීමද වි‍ශේෂත්වයකි.