Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙදෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුරෙන් ගම්පොළ උණුසුම් වෙයි!ප්‍රදේශවාසීන් බස් රථයක් ගිනිබත් කරයි!

4 years ago

ගම්පොල කාච්චමලේ වීඩන් ප්‍රදේශයේදි බස් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පුපුරැස්ස පොලීසිය පැවසුවේ ගම්පොල පෙරට්ටාසි සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලයික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 80දෙනෙකු පමණ ගමන් කොට ඇත.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනා බස් රථයේ දොරේ එල්ලී පැමිණ ඇති අතර, රථය මාර්ගයෙන් ඉවතට පැන පැති බැම්මට හේත්තු වීමත් සමග මොවුන් දෙදෙනා ඊට සිරවීමෙන් මියගොස් තිබේ.

මෙම අනතුර දුටු ප්‍රදේශාසීන් බස් රථයේ මගීන් බේරාගෙන ඇති අතර, පසුව බස් රථයට ගිනි තැබීමට කටයුතු කර තිබේ.

ගිනි තැබීම නිසා බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.