මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තා පොලිස් නිලධාරියෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා තමන්ට විවිධ තාඩන පීඩන සහ ලිංගික හිංසන කරන බව පවසමින් මැදිරිගිරිය පොලිස් ස්ථානයේම සේවය කළ පොලිස් කොස්තාපල්වරියක් විසින් පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට සිය මුල් පැමිණිල්ල යොමු කොට තිබුණේ පසුගිය 2024 ඔක්තෝබර් 12 වැනිදායි.
