Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යූටියුබ් ක්‍රියාකාරිකයෙකු වන සුදත්ත තිලකසිරිට පොලිස් ආරක්ෂාව! ආරක්ෂාව ලබා ගැනීමට හේතුව සුදා හෙළි කරයි

2 years ago

තමාට ලබා දී ඇත්තේ නීත්‍යානුකූල ආරක්ෂාවක් බවත් එය තමාට ඇති තර්ජන පිළිබඳව පොලීසියට විධිමත්ව කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබූ ආරක්ෂාවක් බවත් සුදත්ත තිලකසිරි මහතා පවසනවා.

ජනධිපති අනුර කුමාර ප්‍රමුඛ රජයෙන් මර්දන ක්‍රියාවලියක් නොමැති වුවත්, තමාට එරෙහිව ඇති ඇතැම් තර්ජන හේතුවෙන් මෙලෙස ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වූ බවද ඔහු කියා සිටියා.

සිය යූටියුබ් නාලිකාවේ පළ කර ඇති වීඩියෝවකින් ඔහු මේ බව පැහැදිලි කර තිබුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුදත්ත තිලකසිරි මහතා,

“මම මේ හැමදෙයක්ම කියන්න ඕන නැහැ. ඒ තර්ජන ගැන තොරතුරු එළියට දෙන්න අවශ්‍ය නැහැ. මම දන්නවා මට තියෙන තර්ජනය මොකක්ද කියලා. හැබැයි ඉතින් අමු ගවයො ටිකක් ගහනවා මූට මොකටද දෙන්නෙ කියලා, රිචඩ් ද සොයිසා මරපු හැටි දන්නෙ නැති ගවයො මේකෙ ඉන්නවා,ඒගොල්ලෝ අහනවා මූට මොකටද දෙන්නේ,මේ අනුර කුමාරගේ යාලුවො හින්දද ආරක්ෂාව දෙන්නේ කියලා”

මේ අතර සුදත්ත තිලකසිරිට පොලිස් ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යවල තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙන අතර මෙම තීරණයට බරපතල විවේචනයන් එල්ල වෙමින් පවතී.