ඇල්ල ඕඩිසී මහනුවර දුම්රිය අද (02) සිය මංගල ගමන ආරම්භ කරනු ලැබීය.
මහනුවර සහ බදුල්ල අතර කොටසේ ස්වභාව සෞන්දර්ය නැරඹීම වෙනුවෙන් විදෙස් සංචාරකයින් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දුම්රිය හඳුන්වා දී තිබේ.
ඒ අනුව සෑම සති අන්තයකම ධාවනය කෙරෙන මෙම දුම්රිය මහනුවරින් උදෑසන 9.45ට ගමන් ආරම්භ කරනු ලබන අතර පස්වරු 5.25ට දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතව ඇත.
දෙමෝදර දුම්රිය ස්ථානයෙන් යළිත් පස්වරු 6.00ට යළිත් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය මධ්‍යම රාත්‍රී 12.00ට මහනුවර දුම්රිය ස්ථානය දක්වා ළඟා වීමට නියමිතය.
මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කළ ආසන 176ක් සහ දෙවැනි පන්තියේ වෙන් කළ ආසන 176ක් ද පවතින අතර තුන්වැනි පන්තියේ වෙන්කළ ආසන 44ක් පවතී.
එමෙන්ම ආරුක්කු නමය පාලම අසළ විනාඩි 10ක පමණ කාලයක් නවතා තබනු ඇත.
