Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියේ ලොකු ලොක්කන් පිරිසකට ස්ථාන මාරු ලබා දෙයි

2 years ago

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

පෙබරවාරි මස 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ අනුව, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම් ගුණරත්න සබරගමුව පළාතට ස්ථාන මාරු කර තිබෙනවා.

එමෙන්ම සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. ධමර්ර්රත්න බස්නාහිර පළාත භාරවයි ස්ථාන මාරු කර තිබෙන්නේ.

තවද, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන සුභ සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

සුභසාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. ජේ. පද්මිණි කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහායි ස්ථාන මාරු කර ඇත්තේ.