Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවට ජනපති දුන් විසඳුම

2 years ago

විදෙස් ගමන් බලපත්‍ර ගැටළුව පෙර පැවති රජය විසින් නිර්මාණය කරන ලද්දක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ අද (01) දහවල් පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය විසිහතරම විවෘතව තබමින් මෙම ගැටළුව කඩිනමින් විසඳීම සඳහා කටයුතු කරන බවයි ජනපතිවරයා එහිදී පැවසුවේ.

එම කාර්යාලය පැය විසිහතරම විවෘතව තැබීම සඳහා විශ්‍රාම ගිය සේවකයින් බඳවාගෙන ඔවුන්ගේ සේවාව ද ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඒ, අනුව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ දී පවතින ප්‍රමාද ගැටළුව කඩිනමින් නිරාකරණය වනු ඇති බව ද ඔහු සඳහන් කළා.