Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාදිනල් හිමිගෙන් ජනපතිට ප්‍රශංසා

2 years ago

ජනාධිපති අනුර කුමාර දිසානායක පෙරේදා (31) යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ; යාපනයේ ජනතාව ඔහුට දැක්වූ ආදරණීය පිළිගැනීම තමන් අගය කරන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා ඉතා නිහතමානීව එම ජනතාව අතරට ගොස් ඔවුන්ගේ මිතුරෙක් ලෙස එම ජනතාව සමඟ එක්වීම පිළිබඳව ද තමා තුළ පැහැදීමක් ඇති වූ බවයි කාදිනල් හිමිපාණන් සඳහන් කර සිටියේ.

නීති රීති තුළින් මිනිසුන් තලාපෙළා ඔවුන්ව පාලනය කරනවාට වඩා සහෝදරත්වය සහ සුහදත්වය වර්ධනය කර සියලුම ජාතීන් එකමුතු කිරීම පවතින විශාලතම අභියෝගය බව උන් වහන්සේ පෙන්වා දෙනවා.

ශ්‍රී ලාංකිකයින් ලෙස එකමුතු වී කටයුතු කිරීමට කාලය මේ වන විට එළඹ ඇති බව සඳහන් කළ උන්වහසේ, ඒ එකමුතු වීමේ ආශාව ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය තුළ දී දැක ගැනීමට හැකි වූ බවයි පවසා සිටියේ.

නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ ඉදිකළ කතෝලික දේවස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (01) එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.