හෙට දිනයේ සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ හෙට දිනයට යෙදී තිබෙන 77 වන ජාතික නිදහස් සමරු උත්සවය නිමිත්තෙන්.
එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල්වලට මුද්‍රා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටියේ.
මේ අතර “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙට ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.
