Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොල්කොටුවේ ගඩ්ඩාට අයත් කෝටි 7ක් වටිනා මෝටර් රථ 5ක් හසුවෙයි! වැටලීමේදී හිමිකරු සිහිසුන් වෙයි!

2 years ago

කූඨ ලේඛන සකස් කර එකලස් කරන ලද කෝටි 07 ක් වටිනා මෝටර් රථ 05 ක් වලාන මධ්‍යම දුෂණ මධර්න ප්‍රහාරක බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ රත්නපුර – කලවාන ප්‍රදේශයෙන්.

කෝටිපති වාහන අලෙවිකරුවෙකු වන පොල්කොටුවේ ගඩ්ඩා නම් අයෙකු ව්‍යාජ එන්ජින් අංක සහ චැසි අංක කොටා කූඨ ලේඛන සකස් කර වාහන අලෙවිකරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම වාහන සොයා ගැනීමට හැකි වී තිබේ.

එම මෝටර් රථ 05 ස්ථාන තුනක සූක්ෂම ලෙස සඟවා තිබියදී වලාන මධ්‍යම දුෂණ මධර්න ප්‍රහාරක බලකායේ නිළධාරීන් සොයාගෙන තිබෙනවා.

වැටලීමේදී එම මෝටර් රථවල හිමිකරු බියට පත්වී ක්ලාන්ත වී ඇඳ වැටී ඇති අතර අනතුරුව ඔහු රත්නපුර මූලික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.