Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

2 years ago

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා වශයෙන් නීතීඥ සුපුන් විජේරත්න පත් කර තිබෙනවා.

ඒ අනු ඔහු අද (03දා) ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ භාර ගත්තා.

ඔහු යෞවන සමාජය හරහා තරුණ සේවා සභාවේ සභාපති ධුරයට ආ පළමුවැන්නා ලෙස වාතථා වනවා.

යෞවන සමාජ ව්‍යාපාරයත්, යොවුන් පාලරීමේන්තුවත් නියෝජනය කළ අයෙක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති, ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ පළමු අවස්ථාව මෙයයි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස පත් වන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියා.

විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන නීතිඥ සුපුන් විජේරත්න මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.