Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොල්ලුපිටිය ලැගුම්හලේ දී රෝගී වූ අනෙක් විදෙස් කතත් මිය යයි

2 years ago

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ළැඟුම්හලක කාමරයක් ගෙන නතර වී සිටි විදෙස් ජාතිකයින් තිදෙනාගෙන් එක් කාන්තාවක් ඊයේ (02) ජීවිතක්ෂයට පත් වූ අතර දැඩි අසාධ්‍යය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි සෙසු විදේශික කාන්තාවද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය අද (03) රාත්‍රියේ දී මියගොස් ඇත්තේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ජර්මන් ජාතික කාන්තාවක්.

ඊයේ දිනයේ දී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ද හදිසියේ රෝගාතුරුව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගියා.

ඔවුන් නවාතැන් ගත් කාමරයට යාබද කාමරය පසුගිය 30 වැනිදා ෆොස්ෆින් වායුව යොදා ධූමකරණය කර ඇති අතර, කෘමීන් මදර්නය සඳහා භාවිතා කරන එම වායුව කාමරයකට ඉසීමෙන් පසු පැය 72ක් අදාළ ස්ථානය වසා තැබිය යුතු බව පොලිසිය සඳහන් කළා.

එම කාමරය වසා තැබීමට ලැගුම්හලේ සේවකයින් පියවර ගෙන තිබුණත් යම් හෙයකින් එය ආඝ්‍රාණය වීමෙන් විදෙස් ජාතිකයින් තිදෙනාට මෙම රෝගී තත්ත්වය හටගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අදාළ විදෙස් ජාතිකයින් තිදෙනා ආහාර ගත් හෝටලය පරීක්ෂා කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා.

මෙම සිද්ධියට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ආහාර විෂවීමකින් මෙම මරණය සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් විමශර්න ක්‍රියාත්මකයි.