මාතර කඹුරුපිටිය ප්රදේශයේ 34 හැවිරිදි අවිවාහක ගුරුවරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ගුරුවරියගේ මව සහ සහෝදරයා මාතර ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
එහිදී ඔහුන් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අදාළ මරණය සිදුව ඇත්තේ මොට ආයුධයකින් හිසට පහර දීමෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් බව සනාථ වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
ඝාතනයෙන් පසුව මව ද ඖෂධ අධි මාත්රාවක් පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සහ කර තිබූ අතර රෝහල්ගත කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගත්තා.
සිද්ධිය වූ ස්ථානයේ තිබී ලේ තැවරුණු ලිපි දෙකක්ද සොයාගෙන තිබූ අතර, එම ලිපි මව විසින් ලියන ලද ඒවා බව හඳුනාගෙන තිබෙනවා.
ඉන් එක් ලිපියක් පොලිසිය වෙත යොමු කර ඇති අතර අනෙක් ලිපිය පුතා වෙත යොමු කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
ඉන් එක් ලිපියක සඳහන්ව ඇත්තේ එම දියණිය වසර කිහිපයක සිට දේපළ ඉල්ලා කරදර කරන බවත් ඝාතනය සිදු වූ දිනයේ දියණිය විසින් තම ගෙළ මිරිකා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ දී ඇයව මෙලෙස ඝාතනය කළ බවයි.
නමුත් පොලිසිය සැක පළ කරන්නේ මව විසින් ලියන ලද ලිපි පුතා ආරක්ෂා කිරීමේ අරමුණින් ලියන ලද්දක් විය හැකි බවටයි.
මියගිය ගුරුවරියගේ පියා කලකට පෙර විදුලි සැර වැදී මියගොස් ඇති අතර, ඇය මව සහ වැඩිමහල් සහෝදරයා සමඟ එම නිවසේ ජීවත්ව සිට තිබෙනවා.
පොලිස් විමශර්නවලදී අනාවරණය වී ැත්තේ, පවුල තුළ දේපොළ පිළිබඳ ආරවුල් නිතර ඇතිව තිබෙන බවත් මීට මාස හයකට පමණ පෙර පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පවුලේ සාමාජිකයන් පොලිසියට කැඳවා පරීක්ෂණයක්ද පවත්වා ඇති බව පොලිසිය පවසනවා.
පදිංචි නිවස උගස් තබා තිබූ අතර නිවස සින්නවීමට යාමේදී ගුරුවරිය විසින් එය බේරාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් මව විසින් නිවස තාවකාලිකව දියණියට පවරා දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක අතර පොලිසිය සැක කරන්නේ පවුල් ආරවුලක් දුරදිග ගොස් ඇති වූ බහින්බස් වීමක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවයි.
