නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන ලිපියක් සම්බන්ධයෙන් යම් කිසි ආන්දෝලනාත්මක තත්ත්වයක් මේ වන විට රට තුළ මතුව තිබේ.
එම ලිපියෙන් නීතිපති පාරින්ද රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කරන ලෙස යි.
මෙම සැකකරුවන් තිදෙනා වන්නේ ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල සහ විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන අයයි.
මේ වන විට සමාජ මාධ්‍ය තුළ මේ සමණින් දැඩි විරෝධයක් මතුවෙමින් පවතී.
සමාජ මාධ්‍ය තුළ නීතිපතිවරයාට එරෙහිව ප්‍රබල හඩක් මත-ු වෙමින් තිබෙන අතර, නීතිපති ඉවත් කළ යුතු බවට වන මතයක් නිර්මාණය වෙමින් පවතී.
හෙට, එනම් පෙබරවාරි 06 වන දා, තරුණ ජනාමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත ය.
ඒ මෙම තීරණයට විරෝධය දැක්වීම සඳහාය.
