ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමට නීතිපතිවරයා නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
නීතිපතිවරයාගේ මෙම තීරණය පිළිබඳව නිසි පිළිතුරක් ඉක්මණින් ලබාදෙන බවද ඇමැතිවරයා පැවැසීය.
ජනතා අභිලාෂයන්ට අනුව කටයුතු නොකරන පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය පැකිළෙන්නේ නැති බවද හෙතෙම අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ නලින්ද ජයතිස්ස ඇමතිවරයා මෙසේ පැවසීය.
“2006න් පස්සේදි දකුණේ පමණක් නොව උතුරේත් මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම් පිළිබඳව නිසි පරිදි විමර්ශනය කරලා දඬුවම් කිරීමට අපට ජන වරමක් තියනවා. ජනාධිපතිවරණෙයෙත් මහ මැතිවරණයේදීත් අපට ලබා දුන් ජනවරම සම්බන්ධව අපට හොඳ අවබෝධයක් තියනවා. ඒ අනුව ඔබට පේනවා ඇති අපේ ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ ආණ්ඩු පක්ෂය පසුගිය කාලයේ මේ මාධ්‍යවේදීන් පැහැර ගැනීම් අඩම්තේට්ටම් කිරීම් පිළිබඳව පරීක්ෂණවලට දෙන්න පුලුවන් උපරිම සහයෝගය දෙනවා. අපට කරන්න තියෙන්නේ නඩු පැවරීම්වලට සහ විමර්ශනවලට යටිතල පහසුකම් සැපයීම රජයක් ලෙස. අධිකරණය මගින් තමයි අවසන් තීරණ ලබා දෙන්නේ.
අපි කිසිසේත් විශ්වාස කරන්නෙ නෑ අධිකරණයේ දි විසික්වෙන විදිහෙ නඩු පවරන්න ඕන කියලා. අනිවාර්යයෙන් ඝාතකයින් දඬුවම් ලැබිය යුතුමයි. එතනදි ඔබ කියපු ප්රශ්නය අප අවබෝධ කරගෙන ඉන්නවා. මේ නීතිපතිවරයාගේ මේ තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව අධ්‍යයනය කරමින් ඉන්නවා. මේ සම්බන්ධව ඉදිරියේ දී ප්‍රකාශයක් කරන්න අපි සුදානම්. ඒ නිසා අපි අධ්‍යයනය කරලා අපි තීරණය ප්‍රකාශ කරන්නම්.”
