Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්‍රාමික ගුරුවරියක් ළිඳට ඇද වැටී මිය යයි

2 years ago

විශ්‍රාමික ගුරුවරියක් සිය නිවසේ තිබූ ළිඳකට වැටී ඊයේ (04) දා මියගොස් ඇතැයි වාර්තා වනවා.

ඒ යාපනයේ, කුලපිට්ටි ප්‍රදේශයෙන්.

මෙසේ මියගොස් ඇත්තේ අසූ හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.

මෙම ගුරුවරිය විශ්‍රාම ලැබීමෙන් පසුව බොහෝ කාලයක් ජීවත් වී ඇත්තේ තනිවම බවයි පැවසෙන්නේ.

යාපනය පොලිසිය සඳහන් කළේ ඇය සිය නිවස පිටුපස තිබූ ළිඳට ඇද වැටී හදිසියේ මිය ගොස් තිබෙන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.