Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවසේ සිටි කාන්තාවක් ගෙල කපා ගිනි තබා ඝාතනය කරලා

2 years ago

රාගම, තලගොල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ (05) සවස් කාලයේ දී කාන්තාවකගේ ගෙල කැපීමෙන් අනතුරුව ගිනි තබා ඝාතනය කර ඇති බව රාගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, තලගොල්ල, රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවකි.

මෙම ඝාතනය සිදුවන අවස්ථාවේදී ඇගෙ ස්වාමි පුරුෂයා රැකියාව සඳහා නිවසින් පිටව ගොස් සිට ඇත.

පසුව නැවත නිවසට පැමිණ ස්වාමි පුරුෂයා මරණකාරිය පිළිබඳව සොයා බැලීමේදී ඝාතනය කර ඇති බවට නිරීක්ෂණය වී ඒ පිළිබඳව පොලිසියට දන්වා ඇත.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.