Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක් මියයන ඛේදවාචකය

2 years ago

වායු දුෂණය හේතුවෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක් මියයන බව ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මේ බව කියා සිටියේ සෞඛ්‍ය අධ්‍යාපන කායඵංශයේ ඊයේ පැවති වැඩමුලුවකට එක් වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ගෘහස්ථව ද පුද්ගලයින් වායූ දුෂණයට ලක් වන බවයි.

“දැනට විද්‍යාත්මක පරීක්ෂණ 70,000ක පමණ ආශ්‍රයෙන් කරපු පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා ලක්ෂ 70ක් ජනතාව තමන් මියයන්න ඕන කාලෙට වඩා කලින් වායු දුෂණය නිසා මිය යනවා කියලා. ඒ වගේම අපේ ගෙවල් ඇතුළේ වායු දුෂණය වීමත් ගොඩක් වෙලාවට බලපානවා විවිධ රෝගාබාධ ඇති වීම සඳහා සහ ඇතිවුණ රෝගාබාධ වැඩිදියුණු වීම සඳහා හා පාලනයවීම දුර්වල වීම සඳහා. උදාහරණයක් හැටියට සමහර සංඝටක පෙනහළුවලට ගියාම පිළිකා ඇති වීමේ ප්‍රවණතාවය වැඩියි. දුම් පානයට කළ අයගේ මේ තත්ත්වය දැකලා තිබුණත් දැන් දුම් නොබොන අයගේ සහ කාන්තාවන්ගේ වායු දුෂණය නිසා මේ තත්ත්වය වැඩි වීමට හේතුවෙන බව සොයා ගෙන තිබෙනවා.”