Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ව්‍යාජ වෛද්‍යවරයෙකුට අධිකරණයෙන් දඬුවම්

2 years ago

වෛද්‍යවරයෙකු බවට පවසමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු වරද පිලි ගැනීම හේතුවෙන් අත්හිටවූ සිර දඩුවම් නියම කර තිබෙනවා.

අදාළ වරද පිළිගත් මොහුට බරපතළ වැඩ සහිත මාස 06ක සිර දඩුවමක් නියම කර එය වසර 05කට අත්හිටුවීමට පානදුර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙලෙස ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ඇත්තේ පානදුර – සරික්කමුල්ල සමඟි මාවත ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය 30 හැවිරිදි පුද්ගලයෙකුයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබී කෝටි ගණනක් වටිනා ඖෂධ සහ උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.