ජනාධිපතිවරයාගේ නියෝග මත බව කියමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (05) උදෑසන සිට රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ එහි ප්රධාන කාර්යාලයේ විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
විහාර දේවාලගම් පනත අනුව මෙහි විගණනයක් කරන්නේ නම් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ඉල්ලීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුව එහි යා යුතු වුවද කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා දැනුම් දෙනතුරු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාවත් මේ බව දැන සිට නැතැයි අනාවරණය වී ඇත.
රුහුණ කතරගම මහ දේවාලයේ ප්රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායකගේ පැමිණිල්ලක් මුල් කර ගනිමින් ජනාධිපති කාර්යාලය කල දැනුම් දීමකට අනුව විගණන නිලධාරීන් එහි පැමිණි බව අනාවරණය වේ.
විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මොණරාගල පිහිටි විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ ඊයේ (05) පස්වරුව වන තුරු විගණන කටයුතු ආරම්භ කර තිබිණි.
(source – lankanewsweb)
