Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුසියානු හමුදාවට එක්වුණු ලාංකිකයින් 59ක් මිය ගිහින්

2 years ago

යුක්‍රේන – රුසියා යුද්ධය සඳහා රුසියානු හමුදාව විසින් ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු බඳවාගෙන ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද (07) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විජිත හේරත් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අතරින්  59 දෙනෙකු මියගොස් ඇති බවයි.

මෙම පුද්ගලයින් මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල විසින් තහවුරු කර ඇති බවත් වැඩිදුර තොරතුරු සොයා ගැනීම සඳහා පියවර ගනිමින් සිටින බවත් ඔහු සඳහන් කළා.

යුක්‍රේන – රුසියා යුද ගැටුමට සම්බන්ධව ඇති ශ්‍රී ලංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර අනුගමනය කරන බවත් ශ්‍රී ලංකා රජය රුසියානු බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.