Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රිය මග නවතා ගෙදර ගිය රියදුරුගේ වැඩ තහනම් කරයි

2 years ago

කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා ගිය රියදුරුගේ සේවය අත්හිටවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොළගේ මහතා ප්‍රකාශ කළා.

එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බවත්, එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත රියදුරු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මරදාන දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කළ අදාල රියදුරු අසනීප යැයි දැනුම්දී කොග්ගල දුම්රිය ස්ථානයේ දුම්රිය නවතා පළාගොස් ඇති අතර, දුම්රියේ සිටි මගීන් 500 කට අධික සංඛ්‍යාවක් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර පසුව වෙනත් දුම්රියකින් ඔවුන් පිටත්කර හැර තිබෙනවා.