Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෑට රට ගිනිගන්නා ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නට හේතුව හෙළිවෙයි

2 years ago

කොළඹ පිහිටි උසම ගොඩනැගිල්ල ලෙසින් සැලකෙන ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල ඊයේ සහ පෙරේදා දිනයන්හිදී අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්විය.

‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ 35වන මහල පෙරේදා (6) ගිනිගත් අතර, පසුව ඊයේ (7) 24වන මහලේ ද ගින්නක් ඇතිවිය.

මේ සම්බන්ධයෙන් ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර ඇත.

එම විමර්ශනයේදී ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්විය හැකි කරුණු කිහිපයක් ඔවුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

අදාළ ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් (gas cutter) උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම මෙම ගිනිගැනීමට ප්‍රධාන හේතුවක් බවට ඔවුන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව නැවත එලෙස ගෑස් කටර් උපයෝගී කරගනිමින් යකඩ කපා ඉවත් නොකරන ලෙස අදාළ අංශවලට ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක්ද  කැඳවා තිබේ.

‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ 35වන මහල පෙරේදා (6) ගිනිගත් අතර, පසුව ඊයේ (7) 24වන මහලේ ද ගින්නක් ඇතිවිය.

ඒ හේතුවෙන් ගින්න නිවීම සදහා ගිනිනිවන රථ 3 බැගින් රථ 6ක් අවස්ථා දෙකේදීම යොදාගැනීමට ගිනිනිවන දෙපාර්තමේන්තුවට සිදුවිය.

මේ අතර මේ වන විට ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ ආරක්ෂාව තරකර ඇති අතර, ඒ සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.