Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩුබායි සිට රැගෙන ආ අපරාධකරුවන් පොලිස් ස්ථාන 3කට යොමුකරයි

2 years ago

ඩුබායි සිට දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ බෙලිඅත්ත, අකුරැස්ස පොලිස්ථාන වෙත භාරදී තිබේ.

වෙඩි තැබීමේ සිද්ධීන් 4 ක් සහ පුද්ගලයෙකුට පහරදී නිවසකට අලාභහානි කිරීමේ සිද්ධියකට සැකකරුවෙකු වූ කදන්ගම දෙණියේ ගෙදර ප්‍රදීප් සදරුවන් නොහොත් කොලොන්නාවේ චන්දන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් බවයි පොලීසිය සඳහන් කළේ.

රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා නැමැත්තා අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනයට අදාළ සැකකරුවෙකි.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා බෙලිඅත්ත පොලීසියට භාරදී තිබේ.

2008 වසරේ නොවැම්බර් මස 01 වැනි දා අකුරැස්සේදී සුනිල් විජේසිංහ නැමැති පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම ඇතුළු ඝාතන දෙකක් සම්බන්ධයෙන් සැකකෙරෙන නාඩ කන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලි නැමැත්තා ද ඊයේ ඩුබායි සිට මෙරටට රැගෙන ආවේ ය.

පොලීසිය ප්‍රකාශ කළේ, ඔහු වැඩිදුර විමර්ශන සඳහා අකුරැස්ස පොලීසියට භාරදී ඇති බවයි.

මේ අතර විවිධ අපරාධ සිදු කර විදේශයන් වෙත පළා ගොස් සිටින අපරාධකරුවන් 65 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ ය.