බියගම පොලිස් වසම තුළ පිහිටි පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේම සේවය කරන ගුරුවරයෙකු සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සියඹලාපේ ප්‍රදේශයේ විහාරස්ථානයක් ආසන්නයේදී අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයාව බලහත්කාරයෙන් ජීප් රථයකට නංවාගෙන ප්‍රදේශයේ නිවසකය රැගෙන ගොස් පහරදීමේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ, පසුගිය 04 වනදායි.
පසුව ඒ සම්බන්ධයෙන් බියගම පොලිසිය විමශර්න ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, අදාළ අඹුසැමි යුවල ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
37 සහ 32 වන වයස්වල පසුවන ඔවුන් සියඹලාපේ ප්‍රදේශයේම පදිංචි කරුවන්.
මෙම පැහැර ගැනීම පැරණි අමනාපයක් මත සිදුකර ඇති බවටයි දැනට සිදු කර ඇති විමශර්නවලදී අනාවරණය වී ඇත්තේ.
