පන්නල, කර්මාන්තපුරය ආසන්න ප්‍රදේශයේදී ඊයේ(08) රාත්‍රීයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීම මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා.
තුවාල ලැබූ ඔවුන් දෙදෙනා සඳලංකාව රෝහලට ඇතුලත් කර ඇති අතර, බරපතළ තත්ත්වයේ පසුවූ බැවින් කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
