අද (09) උදෑසන මුළු දිවයිනටම බලපෑ හදිසි විදුලි බිඳවැටීම මේ වනවිට යථාවත් කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව, කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්‍රාගාරය, බියගම සහ සපුගස්කන්ද ඇතුළු ප්‍රධාන ප්‍රදේශ සහ ආයතන කිහිපයකට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කළ බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.
කොළඹ ප්‍රධාන පද්ධතියට අයත් “පානදුර ග්‍රිඩ් උපපොළේ” ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය ඇණ හිටිනු ලැබුවා.
