Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

පොලිසියේ කොස්තාපල්වරයෙක් ගිනි අවියක් සමඟ අතුරුදන්! රටින් පැන ගිය බවට සැකයක්!

2 years ago

ගල්කිස්ස පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයෙක්, සිය රාජකාරී ගිනි අවියත් සමග අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, සැකකාර කොස්තාපල්වරයා ඩුබායි රාජ්‍යයට පළාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මේ වන විට ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම ඔහු රැගෙන ගිය T56 වර්ගයේ ගිනි අවිය සොයාද මෙහෙයුමක් ආරම්භ කරඇති බව සඳහන්.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා, ඊයේ (08) පස්වරු 5.30 ට පමණ රාජකාරී ගිනි අවිය ද සමග පිටව ගොස් ඇත්තේ, සවස 6 සිට උදෑසන 6 දක්වා සේවා මුරයට අදාළ රාජකාරී වෙනුවෙන්.

කෙසේ වෙතත්, ඔහු නියමිත රාජකාරී ස්ථානයේ නොමැති බවට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.