විදුලි ජනක යන්ත්‍රයක දුම ආග්‍රහණය විමෙන් සිව්දෙනෙකු අද (09) පස්වරුවේ බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙතඇතුලත් කළ තිබෙනවා.
බගවන්තලාව ප්‍රදේශයට අද දහවල් සිට විදුලි බලය ඇණහිටිම නිසා නගරයේ සිල්ලර වෙළෙදසැලක විදුලි බලය ලබා ගැනිමට විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර තිබේ.
එහිදී විදුලි ජනන යන්ත්‍රයෙන් පිට වූ දුම අග්‍රහණය වීම හේතුවෙන් වෙළෙඳසැලේ සිටි සේවකයන් සිව්දෙනෙකු රෝගාතුරු වී බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත මෙලෙස ඇතුලත් කර ඇත.
රෝහල් ගතකළ සේවකයන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකුද සිටිනවා.
ඔවුන් අවුරුදු 25-35ත් වයස් කාණ්ඩවල පසුවන අය බවයි වාර්තා වන්නේ.
