ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක ආධාර ලබා දී තිබේ.
ඒ, ජපානයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන මගින් කසල ප්‍රවාහනය සඳහා භාවිත කරන නවීනතම කම්පැක්ටර් රථ 28ක් ලබා ගැනීම සඳහා ය.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා විසින් ඊට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කරන තිබේ.
ඒ, පෙබරවාරි 3 වන දා ජනාධිපති කාර්යාලයේදී ය.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ පිළිබඳව නිවේදනය කළේ ය.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මෙමගින් කසල එකතු කිරීම සහ බැහැර කිරීම සඳහා වන ප්රයත්නය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරන බව ත් ‘Clean Sri Lanka’ වැඩසටහනෙහි අභිලාෂය පරිදි රටේ භෞතික පරිසරය වඩාත් පිරිසිදු බවට පරිවර්තනය කිරීම සහ තිරසර භාවිතයන් සඳහා යොදා ගත හැකි බව ය.
කසල ප්‍රවාහනය සඳහා භාවිත කරන නවීනතම කම්පැක්ටර් රථ ලබා දීම ශ්‍රී ලංකාවේ බස්නාහිර, උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියේ ධාරිතාව වැඩි දියුණු වන බව නිවේදනයේ සඳහන් කර තිබේ.
