Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යාපනය සරසවියේ සිසුන් අතර ගැටුමක්! දෙදෙනෙක් රෝහලට!

2 years ago

යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුන් පිළිගැනීම සදහා සංවිධානය කළ උත්සවයකදී එම පීඨයේ 3 වන හා 4 වන වසර වල සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් දුර දිග යාමෙන් පසුව එය ගැටුමක් බවට පත්ව තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ප්‍රධානියා මීට සති දෙකකට පමණ ඉහතදී සිය සේවා ධූරයෙන් ඉල්ල අස්වූයේද එම පීඨයේ සිසුන් අතර පවතින ගැටුම්, මත්ද්‍රව්‍ය භාවිතය හා නොහොබිනා ලිංගික ක්‍රියා වලට විරෝධය පල කිරීම නිසා ඔහුට විශ්ව විද්‍යාල තුළ සිටිය නොහැකි අන්දමේ පරිසරයක් ගොඩනැගීම හේතුවෙනි.

කෙසේ වෙතත් මෙම පහර දීම සම්බන්ධයෙන් කෝපායී පොලීසියට ලැබී ඇති පැමිණිල්ලක් මත හා තුවාල ලැබූ සිසුන් යාපනය රෝහල් පොලීසියට ලබා දී ඇති ප්‍රකාශයන් මත පරීක්ෂණ ආරම්භ කොට තිබේ.