Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොටහේන වෙඩිතැබීමට අදාළව තොරතුරු රැසක් හෙළි වෙයි

2 years ago

කොටහේන, බෙනඩික් මාවතේ ඊයේ (10) රාත්‍රී 7ට පමණ සිදුකළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර කලක සිට පවතින ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් බවට පොලීසිය සැක පළකරයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් එම වෙඩිතැබීම සිදුකර තිබූ බව මූලික විමර්ශන වලින් හෙළිව ඇති බව පොලීසිය පවසයි.

වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකර පළායන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

වෙඩි වැදීමෙන් කොළඹ 13 ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 43ක පුද්ගලයෙකු තුවාල ලබා‍ රෝහල්ගත කර තිබූ අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්විය.

මෙම වෙඩිතැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පලනි ශිරාන් ක්ලෝරියන් යන අයගේ පාර්ශවය විසින් සිදුකර ඇති බවට අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජි හෙවත් “පූකුඩුකන්නාගේ” සමීපතමයෙකු බව පැවසේ.

දෙපාර්ශ්වය අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් මත වෙඩිතැබීම සිදුවූ බවට පොලීසිය සැක පළකරන අතර වෙඩික්කරුවන් සොයා පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන ආරම්භකර තිබේ.