තමන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසනවා.
වගකිවයුතු සියලුම නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව තමන් පෞද්ගලික සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණි බව ඔහු පවසා තිබෙනවා.
පෞද්ගලික සංචාරය අවසන් කරමින් එළඹෙන 20 වැනිදා දිවයිනට පැමිණෙන බවයි වාර්තා වන්නේ.
ලැබුණු නියෝජ්‍ය අමාත්‍ය ධුරය සහ රට අතහැර වෙනත් රටකට පැමිණීමට තරම් ගැටළුවක් තමන්ට නොමැති බවද සුගත් තිලකරත්න මහතා පවසා තිබෙනවා.
