Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාවික හමුදා නිවාඩු නිකේතනයක ගෑස් පිපිරීමක්! දෙදෙනෙක් රෝහලට!

2 years ago

කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් එහි නවාතැන් ගෙන සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා.

අද (11) උදෑසන මෙම ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් තුවාල ලබා ඇත්තේ මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක සහ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

උදෑසන ආහාරය පිළියෙළ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

තුවාලකරුවන් දෙදෙනා කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා තිස්සමහාරාම දෙබරවැව රෝහලට මාරුකර යවා තිබේ.

(source – lankadeepa)