Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ගිවිසුමට කැබිනට් අනුමැතිය

2 years ago

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා අත්සන් තැබීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා .

ආයෝජකයින් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක් සහතික කිරීම මඟින් ඍජු විදේශ ආයෝජන නියාමනය සඳහා නීතිමය යාන්ත්‍රණයක් සම්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ තිබෙන බවයි සඳහන් වන්නේ .

යෝජිත ගිවිසුමට අත්සන් තැබීම මඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට මෙන්ම, ආයෝජන සහ වෙළෙඳාම ආශ්‍රිත ක්ෂේත්‍රවල දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනු බව සඳහන් වෙනවා .

දෙපාර්ශ්වය අතර අත්සන් තැබීමට යෝජිත ගිවිසුමට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා .

ඒ අනුව, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුකිරීමට නියමිත රාජ්‍ය සංචාරය අතරතුරදී එකී ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි සඳහන් වන්නේ .