Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එකම අංකයෙන් ධාවනය කළ තුන්වන රථයත් පොලිස් භාරයට! කෝටි ගණනක සැප රිය සමඟින් ප්‍රබල දේශපාලන පක්ෂයක සංවිධායකයෙක් අත්අඩංගුවට!

2 years ago

නීති වීරෝධීව මෙරටට ආනයනය කළ කෝටි 04කට අධික වටිනාකමකින් යුතු මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් ව්‍යාජ අංක සහිතව තලංගම ප්‍රදේශයේ ධාවනය වන බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එම රථය අද (12) සිය භාරයට ගනු ලැබීය.

එම ප්‍රහාරක බළකායේ බුද්ධි නිලධාරින් දෙදෙනෙකු ආවේක්ෂණ රාජකාරි කටයුතු සඳහා යොදවා, පැලවත්ත ජපන් මිත්‍රත්ව පාරේ පාර්ලිමේන්තු පාර හංදිය අසලදී අදාළ ජීප් රථයත් එය පැදවූ පුද්ගලයාත් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 52 හැවිරිදි රියදුරු හෝටල් සමූහයක ව්‍යාපාරිකයෙකු මෙන්ම ඔහු මහර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකයෙකු ලෙස ද කටයුතු කර පසුව හිටපු ජනාධිපතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම රථය ඉතා සුක්ෂම ලෙස කන්ටේනරයක් තුළ බහා මෙරටට ආනයනය කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මේ අතර නීතිවිරෝධීව මෙලෙස මෙරටට ගෙන්වනු ලබන වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පිරිසක් විසින් කූඨ ලේඛන සකස් කර පරිගණක දත්ත පවා වෙනස් කරමින් කටයුතු සිදුකරන බවටත් මෙම අත්අඩංගුවට ගැනීම හරහා පොලීසියට කරුණු වාර්තා වී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද මෙම රථයේ ලියාපදිංචි අංකයෙන්ම යුතු විදුලි කාර් රථයක් 2018 වර්ෂයේදී වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම එම අංකයෙන් යුත් මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් 2019 වර්ෂයේදී ද එම ප්‍රහාරක බළකාය විසින්ම අත්අඩංගුවට ගෙන ඇත.