අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින ඩෑන් ප්‍රියසාද්ට සම්බන්ධ වන වෙනත් නඩුවකට අදාළව අද (13) දින ඇප ලබා දී තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි.
මෙම ඇප ලැබී ඇත්තේ පෞද්ගලික ආරවුලකට අදාළව සාමය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිල්ලකට අදාළවයි.
මෙම ඩෑන් ප්‍රියසාද් නමැති පුද්ගලයාව පසුගිය (11) වනදා අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ ඔහුට එරෙහිව අධිකරණ මගින් පනවා ඇති විදෙස් ගමන් තහනමක් හේතුවෙන්.
