බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ පාසලක ගුරු නිල නිවසක් බිඳ එහි තිබූ ලැප්ටොප් පරිගණයක් සහ ස්වර්ණාභරණ සොරකම් කළ එම පාසලේ අධ්‍යාපනය ලබන අවු 15 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුරුවරිය පවුලේ සමාජිකයන් සමග විදේශගතවී සිටින අවස්ථාවේ සැකකාර පාසල් සිසුවා විසින් මෙම සොරකම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ගුරුවරිය යළි දිවයිනට පැමිණීමෙන් පසු සොරකම සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසියට පැමිණිලි කර ඇති අතර, සිසුවාගේ නිවස පරීක්ෂා කිරීමේදි නිවසේ තිබී සොරකම් කරන ලද භාණ්ඩ සොයා ගෙන තිබෙනවා.
එම වතුයායේම පදිංචි සැකකාර සිසුවාගේ දෙමව්පියන්ද සොරකමට අනුබල දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කෙරුණේ.
මොවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පියාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සිසුවා සහ මව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
