වැලිගම පැලෑන දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථයක් දුම්රියේ ගැටී අද (14) පෙරවරුවේ අනතුරක් සිදුව ඇත.
බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගැටුණු වෑන් රථයට දැඩි අලාභ සිදුව ඇති අතර, රියදුරාට සුළු තුවාල සිදු තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු පමණක් සිට ඇති අතර මෙම වෑන් රථය සංචාරකයින් රැගෙන යාමට භාවිතා කරනු ලබන රථයක් බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ස්ථාපිත අනතුරු ඇඟවීමේ සීනුව මෙන්ම ආලෝක සංඥා පද්ධතිය ක්‍රියාවිරහිතව පැවති බව වාර්තා වේ.
මෙම අනතුර පිළිබඳව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
